Monday, April 11, 2016

Sinhala Aluth Avurudu Nakath 2016

2016 වර්ෂය සදහා Sinhala Avurudu Sirith සිදු කිරීමේදී මූලිකත්වය දරණ සුබ Nakath අවස්ථා


නව සද බැලීමේ Nakatha

2016 Nawasada Baleeme Nakatha April මස 08 වන ඉරු දින යෙදී ඇත.

නව සද බැලීම අභිනව චන්ද්‍ර වර්ෂය සදහා අප්‍රෙල් මස 08 වන සිකුරාදා යෙදී අති අතර සූර්ය වර්ශය සදහා යෙදී ඇත්තේ 2016 මැයි මස 08 වන ඉරිදාය.

පරණ අවුරුද්ද සදහා ස්නානය කිරීමේ Nakatha

අප්‍රේල් මස 13 වන බදදා යෙදී ඇත.ඉෂ්ට දේවතාවා අනුස්මරණය කිරීම කොට වාසය කිරීම මෙහි වැදගත් කමයි.ගතවූ අවුරුද්දේ සියලු කම්කටොලු නිමා කර ලබන නව වසරේ ඉසුරුමත් ලෙස ජීවත්වීමට ඉෂ්ට දේවතා රකවරණය ලබා ගැනීම මෙහි අරමුණයි.එදින දිවුල්පත් යුෂද ම්‍රිශ්ය නානු ගා Snanaya Kirimen ඉෂ්ට දේවතා පිහිට පතයි.
      Aluth Avurudda උදා වන්නේ 2016 අප්‍රේල් මස 13 වන බදාදා අපරභාග 07.48ටයි. Avurudu Udawath සමගම Suba Pathum SMS පණිවුඩ යැවීම සින්හල තරුණ තරණියන්ගේ ප්‍රධාන කටයුත්තක් බවට පත්වී තිබේ.
2016 Sinhala Avurudu Udawa April මස 13 වන බදාදා අපරභාග 07.48ට යෙදී ඇත.

Punya Kalaya 

සූර්ය සන්ක්‍රාන්තිය යෙදී ඇත්තේ අප්‍රේල් මස 13 වන දින සවස 01.24 සිට 14 වන බ්‍රහස්ප්‍රතින්දා පූර්වභාග 02.12 දක්වායි.අප්‍රේල් මස 13 වන බදාදා සවස 01.24ට පෙර ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත් වල යෙදීම Punya Kalaye පළමු කොටසේදී කරනු ලබයි.නිවසේ මවුපියන් දරුමල්ලන්ද සමගින් පන්සල් ගොස් මල් පහන් පුදා පින්කටයුතු වල යෙදෙන්නේ ඉමහත් සතුටිනි.
Punya Kalaya Thula Agamika Wathawath Wala Yedenu Mana

           



මෙම Punya Kalaya තුල ආගමික වතාවත් වල යෙදීමට අමතරව Avurudu Games වල යෙදීම ලොකු පොඩි භේදයකින් තොරව දැකගැනීමට හැකිය.
     Punya Kalaye අපර කොටස යෙදී ඇත්තේ 2016 අප්‍රේල් මස 13 වන දින රාත්‍රී 07.48 සිට 14 වන බ්‍රහස්ප්‍රතින්දා පූර්වභාග 02.12 දක්වාය.පහත විස්තර කරන පරිදි ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී Nakath Charithra විධි යෙදී ඇත.


ආහාර පිසීමේ Nakatha

අප්‍රේල් මස 13 වන බදාදා රාත්‍රී 08.06ට Ahara Piseeme Nakatha යෙදී ඇත.

මේ වසරේ ආහාර පිසීමේ නැකත යෙදී ඇත්තේ අප්‍රේල් මස 13 වන බදාදා රාත්‍රී 08.06ටයි. කොළ පැහති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් ගිනි මොලවා දී ගිතෙල් මිශ්‍ර කිරි බතක් සහ මුන් ඇට මිශ්‍ර කැවිල් ආහාරයක් පිළියෙල කරගන්නා ලෙස දක්වා ඇත. 





ආහාර අනුභවය හා වැඩ අල්ලා ගනුදෙනු කිරීමේ Nakatha

2016 April 13 රාත්‍රී 08.54ට කොළ පැහති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා මෙම ආහාර අනුභවය හා වැඩ අල්ලා ගනුදෙනු කිරීමේ Nakatha සිදු කළ යුතු වේ.

       අප්‍රේල් මස 13 රාත්‍රී 08.54ට ආහාර අනුභවය හා වැඩ අල්ලා ගනුදෙනු කිරීම යෙදී ඇත.මෙවර කොළ පැහති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා මෙම කටයුත්ත සිදුකල යුතු වේ.
                   ලක් වහරට අනුව ආහාර අනුභවය සදහා රටේ සාම දෙනාම එකම වේලාවකදී සැරසෙති.එයට පලමුව වැඩ අල්ලීම ලෙස කිරි ගසකට කෙටීම, උදැල්ලකින් පොලොව කෙටීම වැනි කටයුතු වල යෙදෙයි.පසුව නිවසෙහි ගෘහනිය ළිද ලගට ගොස් ළිදත් සමග ගනුදෙනු කිරීම සිදුකරයි.ළිදට කාසියක් දමා ළිදෙන් නැවුම් වතුර රැගෙන නිවසට ගෙනැවිත් එය භාජයනයක දමා තබයි.එම ජලය ඊලග වසර ලබනතුරු නිවසේ තබාගනී. 
         ඊට පසු නිවසේ සියලුමදෙනා කෑම මේසය ළග තබාගෙන සුභ මොහොතින් ආහාර ගැනීම සිදු කරනු ලබයි.ආහාර අනුභවයෙන් පසුව අම්මලා කරනු ලබන වටිනා දෙයකි අසල්වැසියන්ට ආහාර පිගන් රැගෙන ගොස් නව වසරට සුභ පැතීම.Sinhala Aluth Avurudda යනු පරණ තරහ අතහැර හිතවත්කම් අලුත් කරන දිනයකි.

හිසතෙල් ගෑමේ Nakatha

නිල්පාට වස්ත්‍රාභරනයෙන් සැරසී බටහිර දිශාව බලා හිසට නුගපත්ද පයට කරදපත්ද තබා නුගපත් මිශ්‍ර නානුද තලතෙල්ද ගා ස්නානය කරනු මැන

          හිසතෙල් ගෑමේ නැකත මේ වසරේ අප්‍රේල් මස 16 වන සෙනසුරදා දහවල් 10.41ට යෙදී ඇත.මේ සදහා නිල්පාට වස්ත්‍රාභරනයෙන් සැරසී බටහිර දිශාව බලා හිසට නුගපත්ද පයට කරදපත්ද තබා නුගපත් මිශ්‍ර නානුද තලතෙල්ද ගා ස්නානය කිරීමෙන් නව වසර සදහා ආශිර්වාදය ලබා ගනී. 

රැකී රක්ෂා සදහා පිටත්ව යාම

2016 April 18 සදුදා උදේ 06.27ට සුදු පැහති වස්ත්‍රාභරනයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා රකී රක්ෂා සදහා පිටත්ව යනු

නව අවුරුද්දේ අවසානයට යෙදී අත්තේ රැකී රක්ෂා සදහා පිටත්ව යාමේ නැකතයි.අප්‍රේල් මස 18 වන සදුදා උදේ 06.27ට සුදු පැහති වස්ත්‍රාභරනයෙන් සැරසී දීකිරි මිශ්‍ර කිරිබත් අනුභව කර නැගෙනහිර දිශාව බලා රකී රක්ෂා සදහා පිටත්වයාම යෝග්ය වෙයි.
2016 Aluth Avurudu Nakath Litha
2016-Aluth-Avurudu-Nakath-Litha.png

පාරම්පරික Sinhala Avurudu Sirith 2016

4 පාරම්පරික Sinhala Avurudu Sirith for 2016

සින්හල ජනයා කාලාන්තරයක් පුරාවට පරම්පරාවෙන් පරම්පරාවට පවත්වාගෙන ආ මෙම සිරිත් ගුණාත්මක සාධනීය ලක්ෂණයක් ලෙස සැළකෙයි.මෙම නිසියාකාරව ඉටු කිරීම තුළ එකිනෙකා තුල සහයෝගය සහ මිත්‍රත්වය වර්ධනය වීමත් සිදුවේ.මෙම සිරිත් ඉටුකරන්නේ ගෘහමූලිකවයි.

ළිදත් සමග ගනුදෙනු කිරීමේ Siritha

Sinhala Avurudhu Sirith අතරින් පවුලේ අයට ජලයෙන් අගහිගයක් නොවේවායි යන්න මෙම ළිදත් සමග ගනුදෙනුකිරීමේ Siritha මගින් පිලිඹිබු කරයි

මෙම සිරිත තුලින් පිලිඹිබු වන්නේ වසර පුරාවටම පවුලේ අයට ජලයෙන් අගහිගයක් නොවේවායි යන ප්‍රාර්ථනාවයි. මෙම Siritha Srilankan ඉතිහාසයේ දීර්ඝ කාලයක් තිස්සේ පවතින රාග් බෞද්ධ සිරිතක් වේ.මෙමගින් තහවුරු වන්නේ ජලය අරපිරිමැස්මෙන් භාවිතා කල යුතු යන කාරනාවයි.

ළිප ගිනි මෙලවීමේ Siritha

Sinhala සන්ස්කෘතියට අනුව ස්වාමිපුරුෂයා ධනය ඉපයීමත්, භාර්යාව විසින් උපයන දේ අරපිරිමැස්මෙන් යුතුව භාවිතාකොට ආහාර පිලියෙල කරදීමේ සිරිත පදනම් කරගත් සමාජයකි.ළිපගිනි මෙලවීමේ චාරිත්‍රයෙන් අදහස් කරන්නේ ගෘහනිය ලෙස ඇය ලැබුවාවූ අලුත් අවුරුද්ද පුරාවටම තමාගේ පවුල වෙනුවෙන් ආහාර පිළියෙල කරදීමයි.එය නැකතට ගිනි මොලවා කිරි උතුරවා කිරිබතක් පිසීමෙන් සන්කේතවත් කරනු ලැබේ.

කිරි ඉතිරවීමේ Siritha

කිරි ඉතිරවීම මගින් අදහස් කරන්නේ කිරි ඉතිරීගියා සේ මේ වසර පුරාවටම සියලුම දෙයින් පිරී ඉතිරී යන නව ජීවිතයක් ලැබේවායි යන ප්‍රාර්ථනාවයි.

දෙමාපියන්ට බුලත් දී වැදීම

පවුලෙහි සමගිය ගොඩනැගෙන Avurudu Siritha දෙමාපියන්ට බුලත් දී වැදීමේ Siritha වේ.
ආහාර අනුභවයෙන් පසුව දූදරුවන් විසිත් තම දෙමාපියන්ට, නෑදෑයන්ට බුලත් දී වැදීම මගින් පවුලෙහි ඇති එකමුතු බව සන්කේතවත් කරයි. 

සින්හල සිරිත් විරිත් වල ඇති වැදගත්කම

කාර්ය බහුල දිවිපෙවතක් ගෙවන මෙවන් සමාජයක ඔබ කුමන ප්‍රදේශයක, කුමන ස්ථානයක පදින්චිව සිටියත් වසරකට වරක් පමනක් උදාවන මේ කාලයේදී එක් වරක් පමණක් මේ සිරිත් ඉටු කිරීම ඉතාමත් වදගත් කාරණයකි.
    ළිපගිනි මොලවන මොහොතේදී දර ලිප ගිනි දැල්වීම වෙනුවට ගෑස් උදුන දල්වීමට ඔබට අවකාශ ඇත.ඒ නිසාම අවුරුද්දට වරක් උදාවන සුභ නැකත් හොරාවේදී ඔබ කොහේ කොතනක හිටියත් හැකි උපරිමයෙන් මෙකී සිරිත් ඉටුකිරීමට උත්සාහ කරන්න. එය ඔබට උදාවන 2016 නව අලුත් අවුරුද්දේ වසනාව ළගාකරදීමට හේතුවනු නොඅනුමානයි.

Sunday, April 10, 2016

Sinhala Aluth Avurudu Games 2016

5 විනෝදාත්මක Games to Play in 2016 Avurudda

සින්හල අලුත් අවුරුදු සමයෙහි ලොකු පොඩි කවුරුත් විනෝදාත්මකව කල් ගත කරනුයේ Sinhala Aluth Avurudu Games නැතහොත් අලුත් අවුරුදු ක්‍රීඩා වල යෙදීමෙනි. මෙම අවුරුදු ක්‍රීඩා කොටස් 2කට බෙදිය හැක. 
1. ගෘහස්ථ ක්‍රීඩා 
2. එළිමහන් ක්‍රීඩා 
මෙම kreeda මගින් ගමෙහි ජනතා එකමුතුව වඩිකරනු ලැබේ. 2016 අවුරුදු සමය තුල සති 2කට අධික කාලයක් Avurudu Games පැවත්වීමට විධි විදාන සකසා තිබීම විශේෂත්වයකි. ඉහත කී පරිදි ප්‍රධාන පෙලේ ක්‍රීඩා 5ක් පිළිබදව අවධානය යොමු කරමු.

Pancha Dameeme Game

Pancha Keliya නමින් හැදින්වෙන Pancha Dameema සදහා කවච සහ වේලාපත්තරයක් භවිතා කරයි
කවච භාවිතය මගින් සිදු කරනු ලබන මෙම ක්‍රීඩාව දිගුකාලීනව පවත එන සාම්ප්‍රදායික ක්‍රීඩාවකි. මේ සදහා ශිප්පි කටු 5ක්, පොල් කටුවක් සහ වේලාපත්කඩක් භවිත කරන අතර කණ්ඩායම් 2කට බෙදී ක්‍රීඩා කරනු ලබයි.

Raban Pada වැයීම

Raban වැයීම ප්‍රධාන වශයෙන් ගැහණු ලමයින් සමග එකතුව දැනමිති කාන්තාවන් විසින් සිදු කරයි.

Onchili Waram Game

කාන්තාවන් සහ කුඩා ළමුන් විසින් onchili padeema සිදු කරනු ලබන අතරතුර ගායනා කරන කවි ඔන්චිලි වාරම් ලෙස හැදින්වේ.

අලුත් අවුරුදු සමයෙහි ගමේ සියලු දෙනා එක්‍රැස් වී මෙම ඔන්චිල්ලා පැදීම සිදු කරයි. මෙම ඔන්චිලි පැදීම අතරතුරේදී ගායනා කරනු ලබන ජනකවි ඔන්චිලි වාරම් ලෙස හදුන්වයි.

Lissana Gaha Nageeme Game

මීටර් 10ත්-15ත් අතර ලිහිස්සි තෙල් ආලේපනය කළ ඉතා දිගු කනුවක තරගකරුවන් ගමන් කිරීම  මෙම ලෙස හදුන්වනු ලබන අතර මෙහි මුදුනට පැමිනෙණු ලබන තරගකරුවා ජයග්‍රහනය කරනු ලබයි.

Kotta Pora

Sinhala Aluth Avurudu Subapathum SMS

9 රසබර Suba Pathum පණිවුඩ 2016

Sinhala Aluth Avurudu Suba Pathum SMS to send for friends, lovers in 2016 Sinhala Avurudu Udawa

මේ ලබන්නා වූ සින්හල අලුත් අවුරුද්ද,
කිරියෙන්, පැණියෙන්, සතුටින් පිරි....
ජරමර, බරබර, කරදර නැති....
ආදරයෙන්, සාමයෙන්, කරුණාවෙන් පිරි....
සුභ අලුත් අවුරුද්දක් වේවා!
මේ රසබර අවස්ථාවෙහි, රසබර ඔබට, රසබර Aluth Avuruddak වේවා!
ලැබුවා වු නව වසර කිරියෙන් පැණියෙන් පිරි, සාමය සතුට රජ කරවන, ලෙඩ දුකින් තොර, වැඩි වැඩියෙන් ලැබෙන, 120ට 220ක් ආයුබෝ ලැබෙන එලකිරි අවුරුද්දක් වේවා!
පහන් සිලක් සේ "නෙතු" දැල්වේවා
වසන්තයක් සේ "දිවි" සැරසේවා
පියුම් විලක් සේ "සුවද" සැදේවා
මේ නව වසරේ "කිරි" ඉතිරේවා

සිත් සතොසින් පොපියන,
හද නිවි සැනසෙන,
පැතුම් මල් පූදින,
නැවුම් නව වසරක් වේවා
120ට 220ක් ආයුබෝ වේවා!

සාමය සතුට පිරි නව වසරක් වේවා!

2016 සුභ නව වසරක් වේවා!

පින් පිරෙන, මෙත්‍රිය වැඩෙන, කෙලෙස් දුරුවන සුභ නව වසරක් වේවා!

දැල්වෙන පහන් සිලු මෙන් එලිය වේවා ඔබේ දිවියේ උද වූ මේ සුභම සුභ නව වසරේ

SMS Messages for Friends

4 Sinhala Aluth Avurudu SMS Messages For Friends - 2016


4 Sinhala Aluth Avurudu SMS Messages for Friends to send while 2016 Sinhala New Year
One Glass Water,
One Glass Beer,
Oh my dear,
"Happy New Year"



තිසරනේ ආශිර්වදයෙන්, තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආනුභාවයෙන්, ආරක්ෂාවෙන්, වා, පිත්, සෙම්, තුන් දොස් සමනය වී, කරන කියන සියලු කටයුතු සාර්‍ථක වී, බත බුලතින් සරු සුභ නව වසරක් වේවා!

දිනෙන් දින ගෙවිලා ගිහින්....
පිපුන මල් පර වෙලා....
අලුත් මල් කැකුලු අතු....
දස අතින් පිබිදිලා....
හමා එන මද පවනෙ....
සුවද ගොඩ දැවටිලා....
හිත පුරා දලු ලන්න....
නව හැගුම් එක් වෙලා....
මේ වසරේ බිදුණු සිත්....
සිනහවෙන් සරසවා....
ඇස් අස්සේ නැගි කදුලු....
සතුටකට හරවෙලා....
එලඹෙන නව වසරෙ....
අලුත් මිනිසුන් වෙලා....
පිලිගනිමු නව වසර....
මදහසින් පේවෙලා....


////ඔබගෙ සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන/,
ඔබට හා පවුලේ සියලු දෙනාට
සුභම සුභ නව වසරක් වේවා!!!!
Happy New Year!!!!2016

2016 Sinhala Aluth Avurudu Messages of Love

4 Lovely Aluth Avurudu Messages For Lover


මේ ලෝකෙ ඕන තරම් මල් තියෙනවා, ඒත් රෝස මල් විශේෂයි.

මේ ලෝකෙ ඕන තරම් මිනිස්සු ඉන්නවා, ඒත් ඔයා මට විශේෂයි.

දන්නවද ඒ ඇයි කියලා?

මේ ලෝකෙ ඕන තරම් මාස තියනවා. ඒත් මේ මාසෙ විශේෂයි.

මේ ලෝකෙ ඕන තරම් දවස් තියනවා. ඒත් අද දවස විශේෂයි.

දන්නවද ඒ ඇයි කියලා?

ඒ අද දවස Sinhala Aluth Avurudu දවස  නිසා. ඔයාට සුභම සුබ අලුත් අවුරුද්දක් වේවා!

Sinhala Aluth Avurudu Messages of Love

ලස්සන....

නැවුම් බව....

හීනයන්....

ඇත්ත....

හැගීම්....

දෙවය....

විශ්වාසය....

බලාපොරොත්තු....

මේ අලුත් අවුරුද්දක පටන් ගැනීමක්....

සුභ නව වසරක් වේවා!


ලබන්නා වු නව වසර බලාපොරොත්තු ඉටුවන සුභ නව වසරක් වේවා!


"පිපුණ මල්පෙති සුවද අතරෙ කුරුලු ගී නද ගිගුම් දේවා"

"ගෙවුන නව වසරෙ කඩුලු අතරෙ සිනා පමනක් ඉතිරි වේවා"

"පැතුම් සමගින් සිතේ පීදෙන සිහින එක එක සැබෑ වේවා"

"අදින් ඇරඹෙන නැවුම් වසරේ ඔබට සාමය සතුට වේවා"

"Happy New Year"